Saturday, October 29, 2016

පරිගණක සම්පත් මධ්‍යස්ථානවල ආරම්භය

1993 වසරේදී අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලංකාවේ පාසල් කීපයක උසස්‌ පෙළ සිසුන් සඳහා මුලින්ම පරිගණකය  හඳුන්වා දෙන ලද අතර 1992 දක්වා මෙය පාසල් 350 ක පමණ ක්‍රියාත්මක විය. අලුත්ම අත්දැකීමක් වූ මෙය ක්‍රියාත්මක කිරීමේදී  පැනනැගුනු දුර්වලතා මගහරවා ගනිමින් වඩා හොඳින් පරිගණක අධ්‍යාපනයක් ලබා දීම සඳහා පරිගණක සම්පත් මධස්ථාන 300 ක් ලංකාව පුරා ආරම්භ කිරීමට යෝජනා කෙරිණි.
ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයෙන්  පරිගණක  සම්පත් මධස්ථාන හෙවත් කලාපීය තොරතුරු තාක්‍ෂණ  මධස්ථාන 100 ක් පමණ ශ්‍රී ලංකාව පුරා ආරම්භ කරන ලදී. ජාතික අධ්‍යාපන ආයතනයේ මැදිහත් වීමෙන් මෙම මධස්ථානවල පාඨමාලා හා විභාග 3 ක් පැවැත්වීම සිදු කෙරෙනු අතර වර්තමානයේ මෙය අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වේ.
අ.පො.ස (සා.පෙ.) පෙනී සිටින සිසුන් සඳහා මාස 6 ක් ද අ.පො.ස (උ .පෙ.) පෙනී සිටින සිසුන් සඳහා මාස 3 ක් ද පරිගණක පාඨමාලා පැවැත්වීම මුලික වශයෙන් මෙම මධස්ථානවල සිදු කෙරේ. ඊට අමතරව ගුරුවරුන් පුහුණු කීරීම හා රජය මගින් වරින් වර යෝජනා කරන ගුරුවරුන් බඳවා ගැනීමේ හා විශ්ව විද්‍යාල සිසුන් බඳවා ගැනීමේදී පරිගණක පුහුණුව ලබාදීම හා විශ්ව විද්‍යාල සිසුන් ලියාපදිංචි කීරීම ආදී කටයුතු මෙහිදී සිදුකෙරේ.
ආරම්භයේදී ගොඩනැගිලි හා පරිගණක ලබාදුන්නද ඉන්පසු සියලු නඩත්තු කටයුතු සිදු කර ගන්නා ප්‍රථම හා එකම රාජ්‍ය පරිගණක මධස්ථාන ව්‍යූහය ලෙස මෙය හැඳින්විය හැක.
සිසුන්ගෙන් ලබා ගන්නා පහසුකම් හා සේවා ගාස්තු වලින් පමණක් මෙහි පහත දැක්වෙන  සියලු කටයුතු  කිරීමට සිදුවී ඇත.
1.  පරිගණක මිලදී ගැනීම
2.  මෘදුකාංග ලබා ගැනීම
3.  පරිගණක නඩත්තු කීරීම
4.  ලී බඩු මිලදී ගැනීම නඩත්තු කීරීම
5.  ලිපි ද්‍රව්‍ය මිලදී කීරීම
6.  විදුලි බිල්පත්, අන්තර්ජාල හා දුරකථන බිල්පත් ගෙවීම.
7.  ගොඩනැගිලි අලුත්වැඩියා කීරීම.




No comments:

Post a Comment