Friday, December 16, 2016

පුංචි වැඩක් කැමතිනම් කරල බලන්න


ලංකාව ලෝකයේ 5 ස් වන තැනට සමුද්‍ර දූෂණයෙන්
කුණු කඳුවල පොලිතීන් පිරිලා, වහිනකොට වතුර පිරිලා ඩෙංගු හැදෙනවා
ඩෙංගු රෝගීන් 47900 ක්, මියගිය ගණන 77 කට වැඩියි
පොලව හාරනකොට ඉටිකොල ගොඩට එනව
පොලිතීන් පුච්චනකොට පලාතේ ඉන්න බෑ ගඳයි

පුංචි වැඩක් කැමතිනම් කරල බලන්න එක්කෙනෙක් හරි ඩෙංගු වලින් බේරගත්තොත් පොඩි සතුටක් ලැබෙයි 
ඩෙංගු මාරයා

 
  1. කාලේ කම්බි මීටර් 2 ක් පමණ අරගෙන විවිධ ලෙස නිර්මාණශීලීව හදන්න පුළුවන් .
  2. පොඩි ළමයි තුවාල කර ගන්න නිසා අනිවාර්යෙන්ම උඩ කෙලවර නවන්න ඕන.
  3. ලෑල්ලක කීපයක් සවිකර ගන්න අවශ්‍ය නම්, විවිධ උසින් .
  4. බිම තියන්නත් පුළුවන් අත්තක එල්ලන්නත් පුළුවන්.

දිනපතා ගෙදර එකතු වන ඉටිකොල පොලීතීන් පිරිසිදු කරල හොඳට තුනී කරල මේකට අමුණන්න දරුවන්ට පුරුදු කරන්න. 
මාසයක් විතර යනකොට කොළ 5000 ක් විතර තිබේවි. බලන්න මහා පොලවට මේ ටික යටකලානම් පොලව හාරනකොට නැවත මතුවෙනවා.
අවකාශයට පොලීතීන් එකතුවන නිසා ඕනෑතරම් දාන්නත් පුළුවන්, තද අව්වේ හා වැස්සේ තියන්න. පොලීතීන් ටික දවසක් යනකොට අව්වට දිරල කුඩුවෙලා බිමට හැලෙනව.
පොලීතීන් දාල තියනකොට පොඩ්ඩක් කැතයි. නමුත් දිගුකාලීනව පරිසරය ලස්සන වේවි.
Food city වගේ ආයතන තමයි වැඩිපුර පොලීතීන් බෙදාහරින්නේ. ගෙද‍ර ගෙනවිත් විසිකරාම වතුර රැඳෙනවා,  ඩෙංගු පරීක්ෂාවට ආවහම දඩ ගෙවන්නේ අපි.


  
 



No comments:

Post a Comment