Sunday, November 6, 2016

බුදු මැදුර හා ඉතිහාසය

තක්ෂිලාවේ මුල් බුදු මැදුර ක්‍රීඩා පිටිය පුළුල් කීරීම නිසා ඉවත් කරණ ලද අතර මෙම බුදු මැදුර උසස්‌ පෙළ විද්‍යාගාරය අසල ඉදිකරනලදී. නමුත් වර්තමානයේ එය තවත් නවීකරණය කර ඇත.



නවීකරණය කරණ ලද බුදු මැදුර


තක්ෂිලා ආදී ශිෂ්‍ය දිනය 1994 
තක්ෂිලාවේ ඉතිහාසය
         
          දිවයිනේ කීර්තිමත් ජාතික පාසලක් බවට පත් වී තිබෙන “හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය 1996 මැයි මාසයේදී තම විදුහලේ සවර්ණ ජයන්ති උලෙල ඉතා උසස්‌ අයුරින් සැමරීමට ආදී ශිෂ්‍ය සංගමය ,විදුහල්පති ඇතුළු අචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන් විසින් සංවිධානය කිරීමට බලාපොරොත්තු වෙයි. විද්‍යාලය පිලිබඳ පූර්ණ ඉතිහාසයක් යථා කාලයේදී පල කිරීමට අදහස් කරණ අතර ආදී ශිෂ්‍ය දිනය (1994.11.26)වෙනුවෙන් අද නිකුත් කරන තිලිණයට තක්ෂිලාව පිලිබඳව ඉතා සංක්ෂිප්තයෙන් එහි ඓතිහාසික තොරතුරු ස්වල්පයක් එකතු කීරීම උචිත යැයි අදහස් කාරමු. එම තොරතුරු තක්ෂිලා ආදී සිසුනට හා ගුරු දෙගුරුනට මෙන්ම වර්තමාන සිසුනට ද  ප්‍රයෝජනවත් වන බව නිසැකය.
          රටේ උසස්‌ ගණයට අයත් වූ පාසල් වලට මෙන් හොරණ තක්ෂිලාවට ද තරමක් පැරණිවුත්, වැදගත්වුත් ඉතිහාසයක් තිබේ. උසස්‌ පාසලක තිබිය යුතු අංග වැඩි හරියකින් පරිපූර්ණ වූ දැනට සිසුන් 2500 ක පමණ ප්‍රමාණයක් හැඩ ගස්වා මිනිස් සමාජයට එකතු කරණ තක්ෂිලාවේ ආචාර්ය මණ්ඩලයද අල්ප නොවෙයි.       
බෞද්ධ ධර්මානුකූලව තම ජීවිතය හැඩ ගස්වා ගත් ඇමෙරිකානු ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා (Colonel Hendry steel Olcott) ලංකාවට පැමිණි පසු එතුමා දියත් කළ ජාත්‍යන්තර මානුෂික සේවා අතර ප්‍රධාන අංගයකට ගැනුනේ ඒ ඒ රටවල බාල පරපුරට ජාත්‍යන්තර භාෂාවක් වන “ඉංග්‍රීසි “ ඉගැන්වීම විය. ඒ අනුව ඉදිරියට පියවරක් තැබූ කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා එවකට සිටි බෞද්ධ ප්‍රභූන්ගේ සහාය ඇතිව ඉංග්‍රීසි පාසල් බිහි කිරීමට පියවර ගනු ලැබීය. පොදුජන යහපත උදෙසා පැහැදිලි පදනමක් ඇති කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමාගේ ව්‍යායාමය පල ගැන්වීමට සහාය ලබා දීමට කැමැත්ත දැක්වූ ශ්‍රීමත් බාරොන් ජයතිලක වැනි අවංක ප්‍රභුන් එකතු වී ඕල්කට් තුමාගේ අනුශාසකත්වයෙන් “පරම විඥානර්ථ බෞද්ධ සමිතිය” කොළඹ දී බිහි කරවන ලදී.
පරම විඥානර්ථ බෞද්ධ සමිතියේ පාසල්  විවුර්ත කිරීමේ වැඩ සටහන අනුව ඉන් එක පාසලක් හොරණ ප්‍රදේශයේ බිහිකර පාලනය කිරීමට තීර ණය විය. එවකට හොරණ ප්‍රදේශයේ උගතුන් අතර සිටි බැරිස්ටර් උපාධිය සමත් අයෙකු වූ රාජ්‍ය සභා නියෝජිත ඒ. පී. ජයසූරිය මැතිතුමාගේ අනුග්‍රහය ලබා 1905 දී හොරණට ඉංග්‍රීසි පාසලක් බිහි කරණ  ප්‍රදේශයේ ප්‍රභූ පවුලකට අයත් ඉඩම් හිමියෙකු වූ කේ. දොන් සානිස් විමලසේකර මහතාගේ පොල් හා කජු ආදිය වැවී තිබුන ඉඩමක් ඒ සඳහා තෝරා ගන්න ලදී. (එම ඉඩම පිහිටා ඇත්තේ දැනට හොරණ ලංකා බැංකු ශාඛාව ඉදි කරවා ඇති කේ. ඩී. විමලසේකර මුදලාලි මහතා පදිංචිව සිටි “විමලගිරි” නිවසට නැගෙනහිර දෙසින්ය. )
ප්‍රදේශවාසි පොදු ජනතාවගේ හා ප්‍රභූන්ගේ සහයද ලබා එම ස්ථානයේ කාමරයකින් හා කොට තාප්ප බිත්ති වලින් යුත් පොල් අතු සෙවිලි කල වහලය ඇති ගොඩනැගිල්ලක් ඉදි කර ඊට “හොරණ බෞද්ධ ඉංග්‍රීසි පාසල “ යන්න නම තබා විශාල පිරිත් පින්කමක් හා සංඝගත දක්ෂිනාවකින් පසුව පාසලේ කටයුතු අරඹා ඇත. එම පාසලේ ප්‍රධානාචාර්ය වරයා වුයේ එම්. ආර්. පෙරේරා නමින් වූ දක්ෂ ගුරුවරයෙකි. මෙම පාසලට පැමිණෙන සිසුන් විසින් පාසලේ නඩත්තුව ආදිය සඳහා මාසික ගෙවීමක් ද  කළ යුතුව තිබින. පංති ගාස්තුව වශයෙන්
බාලාංශයේ  සිට 3 වැන්න දක්වා මසකට රු. 2.50 ක්ද, 3 වැනි පංතියේ සිට 7 වැනි පංතිය  දක්වා රු. 5.00 ක්ද  7 වැන්නේ සිට 8 වැන්න දක්වා රු.7.50 බැගින්ද , 8 වැන්නේ සිට ඉහලට රු. 10.00 බැගින්ද විය.
මෙම ගෙවීම නිසා දුප්පත් දරුවන්ට එවකට රජය මගින් පවත්වාගෙන ගිය සිංහල පාසල් වලට මිස ඉංග්‍රීසි පාසලට යැවීමට නොහැකි විය. ඉංග්‍රීසි පාසලට යැවිය හැකි වුයේ පාසල් ගාස්තුව ගෙවිය හැකි ධනවත් පිරිසගේ දරුවන් පමණකි. මේ නිසා පාසලට පැමිණි සිසුන්ගේ සංඛ්‍යාව සීමිත විය. එහෙත් පාසැලට අවුරුදු පහක් පමණ ගත වන විට සිසුන්ගේ සංඛ්‍යාව වැඩි වුවා පමණක්  නොව බාලාංශයේ සිට ජ්‍යෙෂ්ඨ පංතිය (පාසල් හැර යාමේ ඉංග්‍රීසි විභාග පන්තිය) (E.S.L.C) දක්වා පංති පැවත්වින.එකල පාසලේ විදුහල්පතිවරයා වශයෙන් එම්.ආර්.පෙරේරා නැමැත්තෙක් කටයුතු කළ බව සැලයි. එහෙත්, වසර 13 කින් (1918) පසු ඒ මහතා පාසලෙන් ඉවත් වුයේ පරම විඥානාර්ථ බෞද්ධ සමීතියෙන් එම්.ඒ .උපාධිධාරී විභාගය සමත් ඉන්දියානු ජාතික බ්‍රහ්මණ ගෝත්‍රික ජේ.ආර්.බහට් මහතා  පාසලට පත්කර එවීමෙන් අනතුරුවය. බහට් මහතා ඉතා උසස්‌ සාරධර්ම වලින් පිරිපුන් පිරිපුන් මස් මාංශ ආදී කිසිවක් අනුභව කිරීමෙන් වැළකුණ බෞද්ධයෙකි.
එතුමා තම විදුහල්පති තනතුර 1930 දක්වා ඉසිලීය.එතුමාගේ කාලය තුලදී ලන්ඩන් මැට්‍රික් දක්වා පංති පැවැත්වීය. තවද, මහා බ්‍රිතාන්‍යයේ පවත්වන ලද බාලදක්ෂ ජම්බෝරියට පාසැල නියෝජනය කිරීමට සිසුන් දෙදෙනෙකු  (චේතිය සුන්දර හා කේ.එම්.කේ. ජයසූරිය ) තෝරා යවන ලදී. ඒ සඳහා එවකට අවශ්‍ය නැව් ගාස්තුව ලබා ගැනීම සඳහා මහා සල්පිලක්ද පාසලේදී පැවැත්වීය. ජේ.ආර්.බහට් මහතා  මොරටුවේ පාසලකට පත් වී ගිය පසු එම්. ඒ. උපාධිධාරී ඩී.වයි.පද්මපෙරුම මහතා විදුහල්පතිවරයා ලෙස හොරණ  බෞද්ධ ඉංග්‍රීසි පාසලට පත්කර එවනු ලැබිය.
මෙම වකවානුවේ හොරණ  බෞද්ධ ඉංග්‍රීසි පාසලට  ස්ථීර ගොඩනැගිල්ලක් අවශ්‍ය වූ බව තදින්ම පෙනී ගියෙන් ඒ සඳහා පානදුරේ ආතර් වී. දියෙස් මහතාට අයත් ග්‍රේස්ලන්ඩ් වත්තෙන් අක්කර 4/1 ක භුමි ප්‍රමාණයක් ලබා ගෙන එහි පොල් අතු සෙවිලි කල තරමක් විශාල ගොඩනැගිල්ලක් ඉදිකරවා එතෙනට පාසැල ගෙන යන ලදී. (අද ක/තක්ෂිලා  කණිෂ්ඨ පාසැල පැවැත්වෙන ස්ථානය එම බිම් කොටසයි. එම භූමියට ආසන්නව දැනට ක්‍රීඩාංගනයක් ලෙස සකස් කර ඇති භුමිය කුඹුකේ මුහන්දිරම් ඩී.එස්.ඒ සමරනායක නොතාරිස් රාළහාමිට අයත් වූ එකකි. ඩී.වයි.පද්මපෙරුම මහතා විදුහල්පතිව සිටි කාලයේ පාසලේ විශාල දියුණුවක් ඇති විය. බාහිර කටයුතු සරඹ හා ක්‍රීඩා අංශ හා බාල දක්ෂ කටයුතු කඳවුරු ද විශේෂ තැනක් ගන්නා ලදී.
හොරණ බෞද්ධ ඉංග්‍රීසි පාසලේ ආචාර්යවරයෙකුව සිටියදී මහා ධාරානිපාත වර්ෂාවක් සහිත කුනටුවක්ද සුළි සුළඟක් ද හමා පාසල්  ගොඩනැගිල්ලට බලවත් ලෙස හානි පැමිණුනි. එම අවස්ථාවේ පද්මපෙරුම මහතා විසින් ගොඩනැගිල්ල අළුත්වැඩියා කර ගන්නා ලදී. සිරිසේන මහතා විදුහල්පති පදවියේ වඩා බාරගත් පසුද පාසල් ගොඩනැගිල්ල අළුත්වැඩියා කිරීමට සිදුවිය. ඒවගේම පාසලට ස්ථිර වුද ශක්තිමත් වුද ගොඩනැගිල්ලක් ඉදි කිරීමට 1937 දී සිරිසේන මහතා පියර ගත්ත. තම පරණ මොරිස් රථයට උසස්‌ පංති වල සිසුන් දෙතුන් දෙනෙකුද පටවාගෙන රයිගම් කෝරළයේ ප්‍රභූන් හා ත්‍යාගශීලී භවතුන් මුණගැසී අලුත් ගොඩනැගිල්ලට අවශ්‍ය මුදල් හදල් සොයාගත් නමුත් අඩුපාඩු මුදල් සොයා ගැනීම සඳහා පාසලේ ආචාර්ය මණ්ඩලය හා සිසුන් එකතු වී “වීදිය බණ්ඩාර “ නාට්‍ය රත්නපුර හා පානදුර නගර ශාලාවල් වල රඟ දක්වන ලදී. පාසල අළුත්වැඩියා කීරීම සඳහා ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමට තිබු අවධියේ වුවද පාසලේ ඉගැන්වීමේ කටයුතු නොනවත්වා කරගෙන ගියේ සිරිසේන මහතාට තිබූ ඒ ඉමහත් ධෛර්ය හා අධිෂ්ඨානය ශක්තිය නිසාමය.
අලුතෙන්ම වාගේ ඉදි කරවූ ගොඩනැගිල්ල වැඩ අවසන් කරණ තුරු පාසැල නොනවත්වා පවත්වාගෙන යාම සිදු කලේ අද හොරණ හැටන් නැෂනල් බැංකුව පැවැත්වෙන භුමියේ තිබූ අබේකෝන් මැතිතුමාට අයත් අච්චු කන්තෝරුවක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ල ප්‍රයෝජනයට ගැනීමෙනි. එතැනද වැඩි කලක් පාසැල පවත්වාගෙන යාමට අවකාශ නොලැබීමෙන් පාසැල එතනින් ඉවත් කර නගරයේම පිහිටි වෙනත් ගොඩනැගිල්ලකට ගෙන යන ලදී.(එය දැනට සුදේරිස් සිල්වා මාවතේ පිහිටා ඇති පැරණි සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාලය තිබූ ගොඩනැගිල්ලය ).





No comments:

Post a Comment